දුම්මලසසූරිය විජයරත්න අත්තෙන් අක්කර 15ක ඉඩම රජයට පවරාගෙන බිංගිරිය පාර්ලිමේන්තු මන්ත්‍රී සමාජ සේව නියෝජ්‍ය අමාත්‍ය වූ ජේ.ඇල් සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති ඒ.ආර්.ජයවර්ධන මැතිතුමා වර්ෂ 1980 මැයි මස 17 දින නව පාසලක් ඉදිකිරීම සදහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කරන ලදී.
ජුනි මස 24 වන දින කුලි/ජෙ ආර් ජයවර්දන මහා විද්‍යලය බවට පත් වීමෙහි ආරම්භක විදුහල්පති වශයෙන් අත්තනයක මහතා කටයුතු කරන ලදී.
ලොග් සටහනෙහි ඒ පිළිබදව එන සටහන් මෙසේය.කුලියපිටිය ප්‍රධාන අධ්‍යාපන නිලධාරී තුමාගෙ කුලී/ අන්ක ප.පරිදි/කුලී/20 හා 1952.0625 දින ලිපියෙන් දන්වා තිබූ පරිදි දුම්මලසූරිය ශාරිපුත්‍ර විද්‍යාලය මින් පසු දුම්මලසූරිය කුලි/ජෙ ආර් ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලwය වශයෙන් නම් කෙරේ.මෙදින නව විදුහල් gගොඩනැaගිලි ලප් හි ආරම්භ කරන ලදී.
මෙහි ප්‍රාථමික අංශය වශයෙන් ශාරිපුත්‍ර විද්‍යාලයත් ජ්යෙෂ්ඨ අංශය ලෙස ජේ ආර් ජයවර්දන මධ්‍ය මහා විද්‍යාලයත් 1985 දී කළ ඉල්ලීම අනුව 1989.06.03 දින සිට ක්‍රියාත්මක විය.ඇතුලත් වීමෙ ලෙඛනයේ ප්‍රථම ශිෂ්‍යයා වශයෙන් සටහන් වන්නේ ජේ ඒ ප්‍රසන්න ජනප්‍රිය ශිෂ්‍යයා ය.
මෙම විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සදහා වර්ෂ 1984 කැළනි විශ්ව විද්‍යාලයට තේරී පත් වූයේ ලේඛනයේ අංක 02 සදහන් එම්.ජී.නිමල් ස්ටැන්ලි ශිෂ්‍යයා ය.ඩැනට මොහු කුලියපිටිය ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ව්‍යාපාර හා ගිනුම්කරන විෂය භාර හා අංශ ප්‍රධාන ආචාර්ය වරයා ලෙස සේවය කරයි.
1983.06.30 දින සිට ඩබ්.එච්.එම් විජේනායක මහතා ආරම්භ කරන ලද දෙවරු පංති කේ.ඒ.ඩී.කැලිස්ටස් නානායක්කාර මහතාද පවත්වා ගෙන යන ලදී.
1983 කණිෂ්ඨ අංශය සදහා සිසුන් 500 කට ආසන්න සංඛ්‍යාවක් ද ජ්යෙෂ්ඨ අංශය සදහා ළමුන් 600 කට ආසන්න සංඛ්‍යාවක්ද,විදුහල්පති ඩබ්.එම්.විජේනායක මහතාගේ කාලය තුළ විද්‍යා,කලා,වානිජ වශයෙන් අංශ 3ක්ද ආරම්භයේ ගුරු සංඛ්‍යාව 30ක් පමණ සේවය කර ඇත.






